පූජ්‍ය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන ශ්‍රී සර්වඥධාතු වන්දනා පදනම මගින් සිදු කරනු ලබන ප්‍රධානතම පිංකම වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී සර්වඥධාතු වන්දනාවයි.
රාත්‍රිය පහන්වන තුරු පවත්වනු ලබන මේ මහා පිංකමට පූජාවන් රැසක් ඇතුලත්වේ.
* ගුවනින් පුෂ්පෝහාර දැක්වීම
* මළුව සුවද පැනින් දෝවනය කිරීම
* කණ්චුක පූජාව
* දාස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීම
* නෙළුම් මල් පූජා කිරීම
* විදුලි බල්බ 150000 කින් සෑ රදුන් ආලෝකවත් කිරීම
* හේවිසි ශබ්ද පූජාව
* අටපිරිකර 180 ක් පමණ පූජා කිරීම
* ධජග්ග පූජාව
* නැවුම් එලකිරි විලද මී පැනි පූජාව
* අෂ්ඨ පාන පූජාව
* සුවද මංජුසා පූජාව
* සුවද දුම් පූජාව
* සුවද තෙල් පහන් පූජාව
* පුන් කලස් 100 මල් පූජාව
* සත් බුදු වන්දනාව
* අසූ මහා ශ්‍රාවක රහතුන් වන්දනාව
* පසේ බුදු වන්දනාව
*බුදු රජුන්ගේ මුව දෝවනය පිංකම
* කිරි ආහාර පූජාව
මහත් ඵල මහානිසංස ලැබෙන මෙම පූජාව සෑම වර්ෂයකම ජූලි හෝ අගෝස්තු මාසයේදී පැවැත්වේ.
දකුණු අකුධාතුව තැන්පත්කර ඇති ථූපාරාම සෑරදුන් අභියසින් 2014 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම පිංකම 2015 ජූලි 25 දින සෝමාවතී සෑ රදුන් අභියසදී සහ 2016 අගෝස්තු මස 27 දින මහියංගන සෑරදුන් අභියසදී පැවැත්විනි.